The Rights Of Minorities

Sri Lankan Muslims UK
M I M Farook
Reporter
Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

රාජපක්ෂලාගේ දූෂණ වංචා නිසා නැවතුනු හයැට් හෝටල් ව්‍යාපෘතිය සාර්ථකව ඉදිරියට
23/July/2015
කොල්ලුපිටියේ ඉදිකිරීමට නියමිතව තිබූ හයැට්(Hyatt) හෝටල් ඉදිකිරීමේදී සිදු වූ වංචා දුෂණ සෙවීමට පත් කළ විගණන වාර්තා අනුව එය ඉදිකිරීමට වැය වෙතැයි ගණන් බලා තිබූ මුදල මෙන් දෙගුණයකට වඩා මුදලක් වියදම්ව ඇති බව පසුගියදා හෙළිවුණා.
කොල්ලුපිටියේ ඉදිකෙරෙන හෝටලය ඉදිකිරීමේදී විශාල නාස්තියක් මෙන්ම ඉඩම් ලබාගැනීමේදී වංචා රැසක් සිදුව ඇති බවත්,රජයේ අගයුම්කරු ලබාදුන් වටිනාකමට වැඩි වටිනාකමක් ගෙවමින් ඉඩම් ලබාගෙන ඇති බවද,විගණන වාර්තා අනුව හෙළිවූ කරුණක්.
මීට කැන්විල් සමාගමේ සභාපතිවරයා ලෙස ගාමිණී සෙනරත් සහ පරිපාලන අධ්‍යක්ෂවරයා ලෙස පියදාස කුඩාබාලගේ කටයුතු කර ඇත. තීරණාත්මක තීන්දු තීරණ ගැනීමේදී පරිපාලන මණ්ඩල රැස්වීමක් කැඳවීමකින් තොරව ඊමේල් හරහා තීරණ ගෙන ඇති බව හේමක අමරසුරිය මහතා පසුගියදා සඳහන් කර සිටියා.
ගාමිනි සෙනරත් යනු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි සමයේ ඔහුගේ කාර්යමණ්ඩල ප්‍රධානියා ලෙසත් මූල්‍යමය වශයෙන් වැදගත් අති විශාල රාජ්‍ය ආයතන ප්‍රමාණයක ප්‍රධානියා ලෙසත් කටයුතු කළ පුද්ගලයාය. ඔහුට එරෙහිව දූෂණ අක්‍රමිකතා චෝදනා රැසක් එල්ල වී තිබෙන දූෂිත උද්ගලයෙක් බව ප්‍රකට කරුණක්.රාජපක්ෂවරුන්ගේ සුරතලුන් විසින් සිදුකළ මහාපරිමාණ දූෂණ වංචා හෙළිවීමත් සමග බොහෝ අයෝජකයින් තමන් සිදුකළ ව්‍යාපෘතීන් නවත්වා වෙනත් රටවල එම ආයෝජනයන් සිදුකිරීමට තීරණය කොට තිබුනා.
කරුණු මෙසේ තිබියදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ආරාධනයක් පරිදි හයට් රීජන්සි හෝටල් ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට පැමිණි හයට් හෝටල් සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී වන පීටර් ෆුල්ටන් මහතා ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යෑමට සහ අලුතින් පත්වූ නව අධ්‍යක්ෂක මණ්ඩලයට උපරිම සහයෝගය ලබාදීමට කැමැත්ත පලකොට තිබෙනවා. යහපාලන රජය බලයට පත්වීමත් සමග සිදුකල ප්‍රජාත්‍රන්ත්‍රවාදී ප්‍රතිසංස්කරනයන් ඔස්සේ මේ සියලු කටයුතු විනිවිදභාවයකින් කරගෙන යෑම නිසා නව රජය යටතේ දූෂණ වංචා වලින් තොරව මෙරට ජනතාවට උපරිම ප්‍රථිලාභයන් ලැබෙන ලෙසට ව්‍යාපෘතින් කරගෙන යෑමට අවකාශ ලැබී තිබෙන බවයි එහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ.