top of page
The Rights Of Minorities

Sri Lankan Muslims UK
M I M Farook
Reporter
Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

නාමල්ගේ නීතීඥ සමාගමට නිශාන්ත ක්‍රිකට් සල්ලි දීලා
19/Oct/2015
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා විසින් ක්‍රිකට් ආයතනයේ රුපියල් මිලියන තුනක මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නීතීඥ සමාගම වන ඝ්ලොවෙර්ස් වෙත ලබාදී ඇති බව රාජපක්ෂ ආණ්ඩු සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි කියන වංචා දූෂණ හා බලය අයුතු ලෙස යොදා ගැනීම සම්බන්ධ කාරණා සොයා බැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන් හෙළිවී ඇතැයි වාර්තා වේ.
අදාල රුපියල් මිලියන තුන ලබා දී ඇත්තේ ටාජ් රූපවාහිනිය හා ක්‍රිකට් ආයතනය අතර 2013 සිට 2020 දක්වා අත්සන් කරන ලද තරග විකාශන අයිතිය සම්බන්ධ ගිවිසුම සකස් කිරීමටය.
කෙසේවුවද මේ තරම් මුදලක් අදාල නීතීඥ සමාගමට ලබාදීමට සාධාරණ හේතු දැක්වීමක් කිරීමට එවකට ලේකම්වරයාව සිටි නිශාන්ත ප්‍රමුඛ ක්‍රිකට් ආයතනය අසමත්ව ඇතැයි වාර්තා වේ.
bottom of page