The Rights Of Minorities

Sri Lankan Muslims UK
M I M Farook
Reporter
Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

ඒලියන්ත වයිට් FCIDයේ – රාජපක්ෂවරු සමග ජනාධිපති අරමුදල් ගසා කෑවාදැයි සැකයක්.?
05/Oct/2015
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ජනපති සමයේ ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයෙකු මෙන්ම සමීපතමයකුව සිටි බව කියන ඒලියන්ත වයිට් ප්‍රශ්න කිරීම සඳහා අද (5) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇත.
හිටපු ජනපති පදිංචිව සිටින මිරිහානේ නිවස සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඔහු එහි ගෙන්වූ බව කියති.
එමෙන්ම අපට වාර්තා වන කරුණු අනුව පසුගිය පාලන සමයෙහි ජනාධිපති අරමුදලේ මුදල්, විවිධ මාර්ග වලින් රාජපක්ෂවරු ඩැහැ ගැනීම සඳහා ඒලියන්ත වයිට් හා ඒකාබද්ධව විවිධ ක්‍රියා සිදුකර ඇතැයිද සඳහන්.මේ බව හෙළි වී තිබෙන්නේ හිටපු ආගමන විගමන නිලධාරියෙකුගේ දරුවෙකුට ප්‍රතිකාර කිරීම සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 80ක මුදලක් වෙන්කරදී ඇති අතර, එය ලබාදී ඇත්තේ ද රාජපක්ෂවරුන්ගේ සමීපතයාව සිටි ඒලියන්ත වයිට් ට බවද සඳහන් වෙනවා.
එමෙන්ම ඒලියන්ත වයිට්ව හමුවීම සඳහා පුද්ගලයන්ව යොමුකරවන්නේද රාජපක්ෂ වරු බවද සඳහන් වෙනවා.