The Rights Of Minorities

Sri Lankan Muslims UK
M I M Farook
Reporter
Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

රගර් ක්‍රීඩකයා ඝාතනය කළ බව හෙළිවේ - යෝෂිත අත්අඩංගුවට.?
28/July/2015
තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක් නොව ඝාතනයක් යැයි රහස් පොලීසිය ඊයේ(27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් රහස් පොලිසිය අදාළ නඩුව සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඊයේ(27) අධිකරණයට ඉදිරිපත් කරමින් මේ බව දැනුම් දුන්හ.
එම ප්‍රකාශය විශ්ලේෂණය කිරීමේදී වසීම් තාජූඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක් නොව ඝාතනයක් යැයි අනාවරණය වී ඇති බව රහස් පොලීසිය අධිකරණය හමුවේ පවසා ඇත. එසේම මීට අදාළව වැඩිදුරටත් පරීක්ෂණ කරන බව රහස් පොලීසිය පවසා ඇති අතර එහිදී අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් නියෝග කර ඇත්තේ ඒ ගැන වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන ලෙසයි.
එසේම මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරුවා කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා වන කුප්‍රකට යෝෂිත රාජපක්ෂ බවත් සඳහන්වේ. එවක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී ඔහුගේ දේශපාලන බලය සහ ආරක්ෂාව උපයෝගී කරගනිමින් මෙම ඝාතනය සිදුකොට ඇතැයි වාර්තාවේ.