top of page
The Rights Of Minorities

Sri Lankan Muslims UK
M I M Farook
Reporter
Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

අල්ලස් කොමිසම ඉදිරිපස උද්ඝෝෂණ නඩුව 14 වනදා දක්වා කල්යයි
02/Spe/2015
අධිකරණ නියෝග කඩකරමින් අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය කළැයි සැකකරුවන් 27 දෙනකුට එරෙහි නඩුව අද (2) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ විභාගයට ගත් අතර ඒ පිළිබඳව තව දුරටත් ඒ පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් ගොනු කරන්නැයි අධිකරණය කුරුඳුවත්ත පොලිසියට නියෝග කළේය.
නඩුව වැඩි දුර විභාගය දෙසැම්බර් 14 වැනිදාට කල් තැබිණි. සැකකරුවන් 27 දෙනා අතර භික්ෂූන් වහන්සේලා 9 ක් හා දේශපාලනඥයින් 18ක් සිටිති.
ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල, ගාමිණි ලොකුගේ ඇතුළු පිරිසක් මේ නඩුවට පෙනීසිටීම සඳහා අද උසාවි පැමිණ සිටියහ.
මීට පෙර නියෝග කර තිබූ පරිදි සැකකරුවන්ට අධිකරණයේ මසකට වරක් පෙනී සිටීමේ නියෝගය අද දිනයේ අහෝසි කෙරිණි.
bottom of page